Tuesday, June 12, 2012

ලෝකේ අන්තෙට බයිසිකලේ .

සති දෙකක විතර ඉඳං අපි දෙන්න ඔෆිස්‌ එකේදී මේ ගැන කතා උනා.කලින් මාසෙක දීර්ග සති අන්තයක් වැටුනත් ඒ අතරේ අපිට  වෙන වැඩ යෙදුන නිසා ඒ සැරේ ගමන නිකන්ම අමතක වෙල ගියා,හැබැයි ඒ වෙනකොට බයිසිකල් ගැන කිසිම අදහසක් තිබුනේ නැ.
දවසක් දුෂාන් කියපි මෙහෙම කතාවක් "බයිසිකල් දෙකක් කෝච්චියේ දාගෙන යමු එහෙ ගිහින් පදින්න "ඇඩෙනවා !.කිසි සේත්ම බලාපොරොත්තු නොඋන වදන් .ඊට පස්සේ යන්න තියෙන පාර ගැන  අහල බැලුව...කලින් සැරේක පයින් ගිහින් තියෙනවලු, එහෙනුම් ඉතින් යන්න පුළුවන් නේ.හරි යමු කියල වැඩේ ස්ථීර කර ගත්ත.ඔන්න ඔහොම සති දෙකකට විතර කලින් තමයි මේ ගමන සුදානම් උනේ.

එදා ඉඳං මම මේ ගැන ගූගල් එර්ත් එකේ බැලුව.නුවරඑළියේ පාරවල් ගැන මට යම් පළපුරුද්දක් තිබුන නිසා වෙලාව ප්ලෑන් කරන්න ලේසි උනා.අවශ්‍ය බඩු ලැයිස්තුවක් හදා ගත්ත.
වැහි කබා,හදිසි අපදා තත්වයකට  අවශ්‍ය කළමනා.සියල්ල සුදානම් කරගත්තේ ඒ සති දෙක ඇතුලත තමයි.රයිඩ් ග්ලව්ස් හැර අපි අනිත් හැම දේම සපයා ගත්ත.කොටුව දුම්රිය ස්ථානයට ගිහිල්ල බඩු බාරගන්න හැටි අහගත්තා.රාත්‍රී තැපැල් දුම්රියේ අසන වෙන්කරගන්න ගියා.අපිට ඕනේ දවසට ආසන ලොවෙත් නැ කොටුවේ ස්ටේෂමේත් නෑ."නිකන් තුන්වෙනි පන්තියේ යමු බන්.පත්තර කොළ ටිකක් ගෙනියමු වාඩි වෙන්න",බයිසිකල් වලට මුලින්ම ගාස්තු හැටියට කිව්වේ කොටුව සිට ඔහියට එක බයිසිකලයක් යවන්න 1200 ක් විතර වෙඉ කියල.එතකොට අයෙත් එන්නත් එක්ක අපිට 4800 ක් බයිසිකල් වලට  වැය වෙන බව තමයි තේරුනේ."හැම දාම ට්‍රිප් යන්නේ නැනේ.අපි යමු".....මැයි 3 හවස වැඩ ඇරිලා අපි බයිසිකල් පැදගෙන කොටුව දුම්රිය ස්ථානයට ගියා .වෙලාව 7 යි.ලොවෙත් බඩු බර ගන්න ස්ථානය වහලා.5 ට කලින් එන්න වෙනවා,තව එතන හිටපු අය කියපු විදියට බයිසිකලේ අයිතිය තහවුරු කරන ලියවිල්ලකුත් ඕනෙලු.ඒවා ලොවෙත් නැ.
පහුවද උදේ වැඩට යන්න කලින් උදේ 6.30 වෙනකොට අර කියපු ලියවිලි එක්ක බයිසිකලේ පද්දා කොටුවට ..ඒ අයට මගේ අවශ්‍යතාවය කිව්වා."සෙනසුරාදා උදේ මේක ඔහිය දුම්රිය ස්ථානයෙන් ගන්න තිබුනොත් ඇති".ඒ නිලධාරී මහතා අපිට උදව් කලා ඒ විදියටම බයිසිකලය යවන්න,එහෙං ගන්නකොට ඉදිරිපත් කල යුතු බිල් පත මගේ අතට හම්බුනා,එතන හිටිය සේවකයෙක්ට පොඩි සන්තොසමකුත් දුන්නා.


මැයි 4 වෙනිදා අපි වැඩ, දවල් කෑම වෙලාවේ තමයි ගෙනියන්න බෑග් එකක් ගත්තේ.හවස වැඩ ඇරිලා අනික් එකාව කෝච්චියෙන් ගන්න රත්මලානේ දුම්රිය පොලට ගියා.එතනින් තමයි මේ ගමන පටන් ගත්තේ.

2 comments:

  1. අම්ම ගහයි බැට් එකෙන්
    උඹ බ්ලිග් එකක් ලිව්වද ඒ කාලේ ?
    මොකෝ නැවැත්තුවේ

    ReplyDelete
    Replies
    1. වෙලාව තමයි හරස් උනේ. මෙහෙ ආවත් හරි ලිය කියවිලි ලොවෙත් නෑ
      ස්තුතියි බලලා අදහස් කිව්වට.

      Delete